අපගේ දැක්ම
තිරසාර සංවර්ධනය හා සබැදුණු තෘප්තිමත් මහජන සේවය තුලින් විශිෂ්ටත්වය කරාඅපගේ මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය, කාර්යක්ෂම තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීම"ප්‍රාදේශීය කාර්යාලයේ පසුබිම
කළුතර දිස්ත්‍රික්කයේ උතුර සීමාවෙන් කොළඔ දිස්ත්‍රිකයෙන් ද නැගෙනහිරෙන් හොරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන්ද දකුණින් මිල්ලනිය හා කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද බටහිරින් පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද මායිම්ව පිහිටා ඇති බණ්ඩාරගම කොට්ඨාසයේ මුළු වර්ග ප්‍රමාණය හෙක්ටයාර් 5737කි.කළුතර දිස්ත්‍රික්කයේ උතුර සීමාවෙන් කොළඔ දිස්ත්‍රිකයෙන් ද නැගෙනහිරෙන් හොරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන්ද දකුණින් මිල්ලනිය හා කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද බටහිරින් පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද මායිම්ව පිහිටා ඇති බණ්ඩාරගම කොට්ඨාසයේ මුළු වර්ග ප්‍රමාණය හෙක්ටයාර් 5737කි.
1982 ට පෙර ග්‍රාම නිලධාරි වසම් 36 කට බෙදා වෙන් කර තිබු මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ක්‍රමයෙන් වැඩි වන විට ජනගහනයද සලකා බලා නැවත ග්‍රාම නිලධාරි වසම් 103කට බෙදන ලදි. එහිදි පානදුර හා හොරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වලට මායිම්ව පිහිටි වසම් කිහිපයක් එම කොට්ඨාස වලට අයත්විය.1998 මුල් භාගයේදී පරිපාලන පහසුව සදහා මිල්ලනිය හා බණ්ඩාරගම වශයෙන් කොට්ඨාස දෙකකට වෙන්විය . එහිදී බණ්ඩාරගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට වසම් 59 ක්ද මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට වසම් 44 ක්ද ලෙස වෙන්කරණ ලදි.
මෙම කොට්ඨාසයේ විශේෂ භූ විෂමතා ලක්ෂණ නොමැති අතර භුමි ප්‍රමාණයෙන් 90%ක් පමණ තැනිතලා ප්‍රදේශ ලෙස පවති. ඉඩම් පරිහරණ ගැන සැලකිමේදි ගෙවතු වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර් 2806 කි.එය මුළු භුමි ප්‍රතිශතයෙන් 48.9 % කි. වි වගා බිම් ප්‍රමාණය 1507 කි. පොල් , රබර් , ප්‍රධාන වැවිලි භෝග ලෙස වගා කරන අතර මෑත කාලයේ සිට තේ වගාවද ප්‍රචලිත වෙමින් පවති. ඊට අමතරව ගෙවතු වගාවද විශාල ජන කොටසක් තම ජීවනෝපාය ලෙස යොදා ගනි.
බණ්ඩාරගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දේශගුණ තත්වය පිළිබද සැලකිමේදි මුලිකවම මෙම ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.5 ක් වේ.වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය මි.මි. 2000 -3000 ත් අතර වේ.සාපේක්ෂ ආර්ද්‍රතාවය 80% - 85% ත් අතර වේ. කෘෂි පාරිසරික කලාප වර්ගීකරණයට අනුව මෙම කොට්ඨාශය WL 4 කලාපයට අයත් වේ. නිරිත දිග මෝසම් සුළග මගින් මෙම ප්‍රදේශයට ප්‍රධාන ලෙස වර්ෂාව ලැබෙන අතර තද සුළං සහිත කාලපරිච්ඡේද නොමැති විමත්,හොදින් වර්ෂාපතනය ලැබිමත් වර්ෂය පුරා සුර්යාලෝකය පැවතිමත් නිසා මෙම කොට්ඨාශයේ බොහෝ ප්‍රදේශ භෝග වගාව සදහා වඩා යහපත් පාරිසරික තත්වයන්ගෙන් යුක්ත වේ.
මෙහි දක්නට ඇති තවත් විශේෂ ලක්ෂණයක් නම් අධික මාර්ග ඝනත්වයක් තිබිම හා එය ඉතා දියුණු මාර්ග පද්ධතියක් ලෙස පැවතිමයි . මෙහි ප්‍රධාන මාර්ගය ලෙස පානදුර රත්නපුර මාර්ගය දක්නට ලැබෙන අතර ඊට අමතරව කැස්බැව බණ්ඩාරගම මාර්ගයද ප්‍රධාන මාර්ගයකි. නව ගාලු පාර ලෙසද මෙය වඩාත් ජනප්‍රියව පවති . අභිනවයෙන් ඉදි වූ දක්ෂිණ අධිවේගී මාර්ගය ද මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා දිව යයි.
ප්‍රධාන පරිපාලන සේවා මධ්‍යස්ථානය බණ්ඩාරගම නගරයයි. පානදුර, හොරණ, කළුතර හා කැස්බැව යන ප්‍රදේශවලට මාර්ග විහිදි යන අතර ප්‍රධාන මංසංදිය නගර මාධ්‍යයේ පිහිටා ඇත. අධිවේගි මාර්ගයක් තිබීම නිසා නගරය තුල විශාල දියුණුවක් අපේක්ෂා කෙරේ.කෙසේ වුවත් කොට්ඨාසයේ අභ්‍යන්තරයට විහිදෙන විට තවමත් නොදියුණු ප්‍රදේශ ඇති බව පෙනෙන්නට ඇත.යටිතල පහසුකම් මෙම ප්‍රදේශයට ලබා දිය යුතුව ඇත.
අනෙකුත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හා සසදන විට වනාන්තර හා ගොඩනංවන ලද බිම් ඉතා සුළු වශයෙන් දක්නට ලැබේ.කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම වැව් ප්‍රමාණයක් පිහිටා ඇත්තේද මෙම කොට්ඨාසයේය. උයන්වත්ත වැව,ගම්මන්පිල වැව,වෑවිට වැව, අළුත්ගම වැව, කුදු වැව, වල්ගම වැව, මේ අතර වේ. ඊට අමතරව බොල්ගොඩ ගග ද බණ්ඩාරගම හරහා ගලා බසී.
මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තවමත් බෝහෝ දුරට ග්‍රාමියව පැවතිම නිසා පරිසර සෞන්දර්ය නොනැසි පවති. විශ්ව ගෝලියකරණයට හසුවිමත් සමගම බෝහෝ රටවල් නාගරිකරනයට ලක්වෙමින් පවතින මෙවන් අවධියක ගෝලියකරණයේම හොද හා නරක අපද අත්විදිමින් සිටී . ඵහෙත් ලංකාවේ තවමත් සුන්දර ගම්මාන දක්නට ලැබෙන අතර මේ නිසා හොද තුලනාත්මක බවක්ද රදා පවති. බණ්ඩාරගම කොට්ඨාසයේ ද එවැණි සුන්දරත්වයන් දැකිය හැක.
පුරා විද්‍යාත්මක හා ආගමික වශයෙන් වැදගත් ප්‍රදේශද මෙම කොට්ඨාශය තුල දැකිය හැකිය . සංදේශ ගැට පද ආදි සාහිත්‍ය කෘති රාශියක් රචනා කළ ශ්‍රි රාහුල හිමියන්ගේ ගුරු හිමි නම වන මෛත්‍රි මා හිමියන් වැඩ වාසය කරන ලද වීදාගම පුරාණ රජ මහා විහාරය පිහිටා තිබෙන්නේ වීදාගම ප්‍රදේශයේය. කාවය සාහිත්‍යට මනා සේවාවක් කළ ටිබෙට් ජාතික ඵස් මහින්ද හිමියන් වාසය කළ විහාරය දැන් විරගහ පන්සල ලෙස ප්‍රකටය.
ආර්ථික හා සමාජ පසුබිම
බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනගහනය 126,065 වන අතර එයින් 65909 ක් ස්ත්‍රීන් වන අතර 60156 ක් පුරුෂ වෙති. ජනගහනයෙන් 95% ක් පමණ සිංහල බෞද්ධ වන අතර කොට්ඨාසයේ සමෘද්ධිලාභී පවුල් 4713 ක් සිටී. මුළු නිවාස සංඛ්‍යාව 30420 ක් පමණ වේ. අටුළුගම නැගෙණහිර,අටුළුගම බටහිර,කොරාවල,බමුණුමුල්ල,ගල්ගෙමණ්ඩිය,බෝගහවත්ත,බමුණුමුල්ල මුස්ලිම්,ඵපිටමුල්ල,යන ග්‍රාම නිලධාරී වසම් හි බහුල වශයෙන් මුස්ලිම් ජනතාව වාසය කරති.
බණ්ඩාරගම කොට්ඨාශයේ ජාතික පාසලක් පිරිවෙණක් ඇතුළුව පාසල් 23 කි. පෙර පාසැල් 80 ක්, සෞඛ්‍ය ආයතන (රෝහල්) 01 ක්, වැඩිහිටි නිවාස 06 ක්, ළමා නිවාස 05 ක්, භික්ෂු ගිලන් විවේකාරාමයක් , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළුව රාජ්‍ය ආයතන හා මහා පරිමාණ පෞද්ගලික ආයතන පිහිටා ඇත.
බණ්ඩාරගම කොට්ඨාශය තුල බෝ වන රෝග සලකා බැලූ විට බහුලව දැකිය හැකි බෝ වන රෝග වන්නේ , ඩෙංගු සහ මීඋණ රෝග වේ. කෘෂිකාර්මික අංශය ඉතා දියුණු මට්ටමක පවතී. කුඹුරු වගාව ඉතා සාර්ථක අයුරින් සිදුකරන අතර රබර් වගාවද සුළු වශයෙන් සිදු වන අතර කීර වගාව හා කොරටු වගාව සාර්ථක ලෙස සිදු කෙරේ.
බණ්ඩාරගම නගර මධ්‍යයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇති අතර ග්‍රාම නිලධාරී කොට්ඨාස 59 කින් සමන්විත වේ. මෙම කොට්ඨාසයේ පහත සදහන් රජයේ හා පෞද්ගලික ආයතන පිහිටා ඇත.
තැපැල් කාර්යාලය
කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය
රෝහල
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ගොවිජන සේවා මධ්‍යස්ථානය - බණ්ඩාරගම
ගොවිජන සේවා මධ්‍යස්ථානය - පමුණුගම
විදුලිබල මණ්ඩලය - ප්‍රාදේශීය කාර්යාලය
ජල සම්පාදන මණ්ඩලය - ප්‍රාදේශීය කාර්යාලය
ටෙලිකොම් - ප්‍රාදේශීය කාර්යාලය
පොලිස් ස්ථානය - බණ්ඩාරගම
මහජන බැංකුව ලංකා බැංකුව
ජාතික ඉතිරි කිරීමේ බැංකුව
සෙලාන් බැංකුව කොමර්ෂල් බැංකුව
සම්පත් බැංකුව හැටන් නැෂනල් බැංකුව
සෙලින්කෝ ඉන්ෂුවරන්ස් ආයතනය
1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| රේමන් පෙරේරා | 1991 | 1991 |
| ඒ.එච්.එම්.පී. අබේසිංහ | 1992 | 1994 |
| ආර්.ඒ.ඩී. පෙරේරා | 1994 | 1996 |
| වාස් සිරිල් ගුනවර්ධන | 1994 | 1996 |
| ජී.ඒ.ජේ. සිල්වෙස්ටර් | 1996.08.27 | 2001.08.31 |
| එම්.පී.ඊ. රුක්මනි | 2001.10.01 | 2005.01.31 |
| ඒ.ජේ. කරුණාරත්න (වැ.බ.) | 2005.02.01 | 2005.06.07 |
| කාන්ති පෙරේරා | 2005.06.08 | 2007.07.05 |
| ඒ.ජේ. කරුණාරත්න (වැ.බ.) | 2007.07.06 | 2008.03.31 |
| කේ.ජී. ධර්මතිලක | 2008.04.01 | 2013.06.30 |
| අමල් ජේ.එස්.එස්. එදිරිසූරිය (වැ.බ.) |
2013.07.01 |
2013.10.31 |
| ඩී.පී. වික්‍රමසිංහ | 2013.11.01 |














